Posts

Showing posts from August, 2019

Chili Paste

Image
Chili paste (චිලී පේස්ට් හදන හැටි)  ▫  කූනිස්සන් ග් ‍ රැම් 100   ▫  කෑලි මිරිස්කුඩු ග් ‍ රැම් 50   ▫  හීනියට කපා ගත්තු ලොකු ලූනූ ගෙඩියක් ,   ▫  පොත්ත සමග තලාගත් සුදුලුනු බික් 10-12ක්   ▫  ඉඟුරු කෑල්ලක්    ▫  සීනී   මේස හැදි දෙකක්   ▫  සෝයාසෝස් මේසහැදි දෙකක්    ▫  ටොමැටෝසෝස්  ▫ මේසහැදි දෙකක්    ▫  හීනියට ලියා ගත්තු කරපිංචා ටිකක් , බාජනයකට තෙල් ටිකක් වැඩිපුර දාලා කූනිස්සන් ටික බැදල අයින් කරන්න . දැන් ඒ බාජනයකටම තලාගත් ඉඟුරු සුදුලුනු ටිකදාන්න .ඒ ටික රන්වන් පාට වෙනකොට ලූනූ ටික හා කරපිංචා එකතු කරන්න .ඒටික බැදෙනකොට ගින්දර චුට්ටක් අඩුකරල කෑලිමිරිස් ටික දාලා විනාඩි තුනක් විතර කලවම් කරල සෝයාසෝස් ,සීනී,ටොමැටෝසෝස් ටික දාල කලවම් කරන්න .පසුව ඉස්සො ටිකත් දාල කලවම් කරල අවශ් ‍ ය ප් ‍ රමාණයක් ලුනු එකතු කරන්න  ඕනී නම් මේකට චිකන් පව්ඩර් මේස හැන්දක් එකතු කරන්න පුලුවන් ....මෙහෙම හදන්න රස උපරිමයෙන් තියෙනවා.
Image
➤ 250 Rice අද මගේ බ්ලොග් පලවෙනි post එකෙන් කියන්න හදන්නේ ඔයාලට 250 රතු අයියගේ රයිස් එක ගෙදරදීම හදාගන්න හැටී.  අවශ්‍ය ද්‍රවය -   අයිස් නැති මස් කිලෝ එකක් විතර ලුනු  ගම්මිරිස් කුඩු මිරිස්කුඩු සුදුලුනු  ගාලික් පව්ඩර් කහකුඩු  අයිස් නැති මස් කිලෝ එකක් විතර අරගෙන සාමාන් ‍ යයෙන් පොඩි කැලී වලට කපල හොඳින් හෝදල ඒකට අවශ් ‍ ය රස හා සැර අනුව ලුනු ,ගම්මිරිස් කුඩු,මිරිස්කුඩු ,හොඳින් තලාගත් සුදුලුනු ,දාල හොදින ් කලවම් කරල පැය දෙකක් විතර තියන්න  පසුව ඒක අරගෙන අඩු ගින්දරේ තම්බල ගන්න .වතුර ඕනීනම් චුට්ටක් දාන්න  තැම්බුවා පසුව වතුර බේරෙන්න තියන්න  පසුව අවශ් ‍ ය තරම් පාන් පිටි,ගාලික් පව්ඩර් ,ගම්මිරිස් කුඩු,ලුනුකුඩු,කහකුඩු චුට්ටක් අරගෙන හොදින් කලවම් කරල පිට්ටු හදන්න පිටි හදාගන්න විදිහට චූටි කැටහදා ගන්න . සුදුලුනු පව්ඩර් නැත්නම් සුදුලුනු ටිකක් හොඳින් තලල ගන්න .වතුර චුට්ට චුට්ට දාලා කලවම් කරල එහෙම හදාගන්න පුලුවන්  දැන් බිත්තර දෙකක් හෝ තුනක් අරගෙන ලුනු චුට්ටක් දාලා හොඳින් ගසා ගන්න  පසුව මස් කෑලි අරගෙන බිත්තර සාරුවල හොඳින් දවටා සකස් කරගත් පිටි...