Home
fried Rice
අද මගේ බ්ලොග් පලවෙනි post එකෙන් කියන්න හදන්නේ ඔයාලට
250 රතු අයියගේ රයිස් එක ගෙදරදීම හදාගන්න හැටී.
අවශ්‍ය ද්‍රවය -
- අයිස් නැති මස් කිලෝ එකක් විතර
- ලුනු
- ගම්මිරිස් කුඩු
- මිරිස්කුඩු
- සුදුලුනු
- ගාලික් පව්ඩර්
- කහකුඩු
අයිස් නැති මස් කිලෝ එකක් විතර අරගෙන සාමාන්යයෙන් පොඩි කැලී වලට කපල හොඳින් හෝදල ඒකට අවශ්ය රස හා සැර අනුව ලුනු ,ගම්මිරිස් කුඩු,මිරිස්කුඩු ,හොඳින් තලාගත් සුදුලුනු ,දාල හොදින් කලවම් කරල පැය දෙකක් විතර තියන්න
පසුව ඒක අරගෙන අඩු ගින්දරේ තම්බල ගන්න .වතුර ඕනීනම් චුට්ටක් දාන්න
තැම්බුවා පසුව වතුර බේරෙන්න තියන්න
පසුව අවශ්ය තරම් පාන් පිටි,ගාලික් පව්ඩර් ,ගම්මිරිස් කුඩු,ලුනුකුඩු,කහකුඩු චුට්ටක් අරගෙන හොදින් කලවම් කරල පිට්ටු හදන්න පිටි හදාගන්න විදිහට චූටි කැටහදා ගන්න .
සුදුලුනු පව්ඩර් නැත්නම් සුදුලුනු ටිකක් හොඳින් තලල ගන්න .වතුර චුට්ට චුට්ට දාලා කලවම් කරල එහෙම හදාගන්න පුලුවන්
දැන් බිත්තර දෙකක් හෝ තුනක් අරගෙන ලුනු චුට්ටක් දාලා හොඳින් ගසා ගන්න
පසුව මස් කෑලි අරගෙන බිත්තර සාරුවල හොඳින් දවටා සකස් කරගත් පිටි වල දවටා තියන්න
දැන් ගැඹුරු තෙලේ ගින්දර පාලනය කර ගනිමින් රන්වන් පාට වෙනකන් බැදගන්න.
ඔබගේ අදහස් යටින් අප වෙත comment කරන්න.
Recipe by -Chandika Ariyasinghe
Comments
Post a Comment