Watermelon Slush
Watermelon Slush - කොමඩු ස්ලෂ්
* කුඩා කැබලි වලට කපා ඇට ඉවත් කර ගත් පැණි කොමඩු කප් 3
* දෙහි ගෙඩියක යුෂ
* මී පැණි මේස හැදි 3ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
* දෙහි ගෙඩියක යුෂ
* මී පැණි මේස හැදි 3ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.)
මේවට ස්ලෂ් වගේම ස්ලෂී (Slushie) කියලත් කියනවා. ස්ලෂ් කියන්නෙ ඇමේරිකාවේ ගොඩක් ජනප්‍රිය බීමක්, පොඩ්ඩො තමයි ගොඩක් කැමති කියන්නෙ. මෙක බීමක් වගෙ පෙනුනට හැබැයි දිය වුණාම තමයි බොන්න වෙන්නේ, නැත්තම් කෑමක්. සාමාන්‍යයෙන් ස්ලෂ් හදන්න අයිස් කැට හිම වගේ කුඩු කරන් ඒකට එක එක වර්ණක යොදාගෙන . මේක ස්වභාවික ස්ලෂ් එකක්.
බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..
සාදා ගන්නා ආකාරය:
මුලින්ම කපා ගත්ත පැණි කොමඩු ටික අඩුම ගානේ පැය 3ක් වත් අධි ශීතකරණයට දාලා මිදෙන්න තියා ගන්න ඕනේ.
පස්සේ මිදුනු පැණි කොමඩු කෑලි ටික බ්ලෙන්ඩරයට දා ගන්න.
ඊට පස්සේ ඒකටම දෙහි යුෂ ටිකයි මී පැණියි දා ගෙන බ්ලෙන්ඩර් කර ගෙන පිළිගන් වන්න. (හිම වගේ අයිස් කෑලි ගතිය එනකන් විතරක් බ්ලෙන්ඩර් කරන්න, ඕනවට වඩා බ්ලෙන්ඩර් කරන්න එපා.)
Comments
Post a Comment