Egg Roti
Egg Roti - ( බිත්තර රොටි) බිත්තර රොටී කියන්නෙ ගොඩක් අය කන්න කැමති දෙයක්නෙ. ඉතින් මේ කියල දෙන්න හදන්නෙ බ්ඩේ අමාරුව හදාගන්නේ නැතුව පොඩ්ඩො ලොක්කො ඔක්කොටම කන්න පුලුවන් විදිහට බිත්තර රොටි ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා.. විශේෂ දෙයක්: බිත්තර රොටි හදන්න පිටි අනලා අඩුම තරමේ පැය 4ක් වත් තියන්න ඕනා. එතකොට තමයි රොටිය හොඳට තුනී වෙලා කැඩෙන්නෙ නැතුව ලස්සනට එන්නේ. ඒ නිසා බිත්තර රොටි රෑට කනවා නම් හවස පිටි අනලා තියන්න ඕනේ. උදේට කනවා නම් කලින් දවසේ රෑට පිටි අනලා තියන්න පුළුවන්. පිටි මිශ්‍ර ණය පැය 12 වෙනකම් තියන්න පුළුවන්. වැඩි වෙලාවක් තියන තරමට රොටියේ නම්‍යශීලී බව සහ සුමුදු බව වැඩියි. පිටි අනන වැඩේට ගතවෙන්නේ විනාඩි 10ක් පමණයි. අවශ්‍ය දේවල්: * පාන් පිටි කප් 1 * තෙල් කප් 1 (පොල් තෙල් හෝ එළවළු තෙල්) * මඳ උණුසුම් වතුර කප් 1/2 * බිත්තර 4 * පොඩියට කොටු කපාගත් ලූනු ගෙඩි 1 * පොඩියට කපාගත් ලොකු අමු මිරිස් කරල් 1 * පොඩියට කපාගත් ලූනු කොළ කප් 1/2 (කැමති නම් පමණක්) * ලුණු සහ ගම්මිරිස් සාදාගන්නා ආකාරය: මුලින්ම පිටි ටික අනමු එහෙනම් (පැය 4කට කලින්), තරමක් ලොකු බෝල් එකකට පිටි, ලුණු තේ හැඳි 1/2ක්, සහ තෙල්...