Egg Roti

Egg Roti - (බිත්තර රොටි)

බිත්තර රොටී කියන්නෙ ගොඩක් අය කන්න කැමති දෙයක්නෙ. ඉතින් මේ කියල දෙන්න හදන්නෙ බ්ඩේ අමාරුව හදාගන්නේ නැතුව පොඩ්ඩො ලොක්කො ඔක්කොටම කන්න පුලුවන් විදිහට බිත්තර රොටි ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා..
විශේෂ දෙයක්: බිත්තර රොටි හදන්න පිටි අනලා අඩුම තරමේ පැය 4ක් වත් තියන්න ඕනා. එතකොට තමයි රොටිය හොඳට තුනී වෙලා කැඩෙන්නෙ නැතුව ලස්සනට එන්නේ. ඒ නිසා බිත්තර රොටි රෑට කනවා නම් හවස පිටි අනලා තියන්න ඕනේ. උදේට කනවා නම් කලින් දවසේ රෑට පිටි අනලා තියන්න පුළුවන්. පිටි මිශ්‍රණය පැය 12 වෙනකම් තියන්න පුළුවන්. වැඩි වෙලාවක් තියන තරමට රොටියේ නම්‍යශීලී බව සහ සුමුදු බව වැඩියි. පිටි අනන වැඩේට ගතවෙන්නේ විනාඩි 10ක් පමණයි.
අවශ්‍ය දේවල්:
* පාන් පිටි කප් 1
* තෙල් කප් 1 (පොල් තෙල් හෝ එළවළු තෙල්)
* මඳ උණුසුම් වතුර කප් 1/2
* බිත්තර 4
* පොඩියට කොටු කපාගත් ලූනු ගෙඩි 1
* පොඩියට කපාගත් ලොකු අමු මිරිස් කරල් 1
* පොඩියට කපාගත් ලූනු කොළ කප් 1/2 (කැමති නම් පමණක්)
* ලුණු සහ ගම්මිරිස්
සාදාගන්නා ආකාරය:
මුලින්ම පිටි ටික අනමු එහෙනම් (පැය 4කට කලින්),
තරමක් ලොකු බෝල් එකකට පිටි, ලුණු තේ හැඳි 1/2ක්, සහ තෙල් මේස හැන්දක් දමා ගන්න.
වරකට සුළු ප්‍රමාණය බැගින් වතුර එකතු කරමින් පිටි මිශ්‍රණය හොඳින් අනාගන්න.
අතේ නොඇලෙන පිටිබෝලයක් ලැබෙන සේ විනාඩි 2ක් පමණ හොඳින් අනන්න.
පිටි බෝලය දිග අතට රෝල්කර කොටස් 4කට කඩාගන්න.
පිටි කොටස් 4 හොඳින් බෝල කරගන්න.
කුඩා බෝල් එකකට තෙල් දමා පිටි බෝල එහි ගිල්වන්න.
බෝල් එක හොඳින් ආවරණය කර පැය 4ක් පැත්තකින් තිබෙන්න හරින්න.
දැන් බිත්තර රොටි ටික හදන්න යන්නෙ,
ලොකු තැටියක් හෝ පෑන් එකක් රත් වෙන්න තබන්න.
තෙල් වල ගිල්වා තැබූ පිටි බෝලයක් ගෙන පිඟානක තබා හොඳින් දෙපසට ඇද තුනී රොටියක් ලෙස සකසා ගන්න.
දැන් තුනී කරගත් රොටිය තැටිය මතට දමන්න
රොටිය මැදට බිත්තරයක් කඩා දමන්න.
එය මතට ලුණු, ගම්මිරිස් සහ කපාගත් ලූනු, මිරිස් සහ ලූනු කොළ දමන්න.
දැන් කොටුවක් ලෙස රොටියේ පැති හතරම රොටියේ මැදට නවන්න.
දැන් නවාගත් කොටස තැටියේ රත් වුණු පැත්තට හරවා ගානට පුළුස්සාගන්න.
මෙලෙසම අනෙක් රොටි 3ත් හදාගන්න. වැඩේ ඉවරයි!.

Recipe by - Chill Out Lounge Kitchen








Comments

Popular posts from this blog

Chili Paste

Watermelon Slush