Banana Chips
Banana Chips - බැඳපුකෙසෙල්පෙති
අපි හැමෝම කන්න ආස දෙයක් තමයි "පොටේටෝ චිප්ස්" කියන්නේ; එහෙම නැත්නම් අල බැදලා කියන්නෙ. ඉතින් දැන් මේ කියලා දෙන්න යන්නෙ කෙසෙල් වලින් "පොටේටෝ චිප්ස්" වගේම "චිප්ස්" හදාගන්නේ කොහොමද කියලා.. ගෙදරට කෙසෙල් ගෙඩි ගෙනාව වෙලාවක, එහෙමත් නැත්නම් කෙසෙල් කැනක් කපපු වෙලාවක කෙසෙල් ගෙඩි ටික ඉදෙනකම් ඉන්න බැරි නම් ඔන්න මේ වගේ කෑමක් හදාගන්න පුළුවන් ඔයාලට. කෑමක් කිව්වට මොකෝ පොඩි බයිට් එකක්නෙහ්? හීහී.. මේකට අපිට ඕන වෙන්නෙ අමු කෙසෙල් ගෙඩි. කෙසෙල් පෙති බැදලා හදාගන්න මේ කෑම එක නිකන් ඉන්න වෙලාවට හප හප ඉන්න නම් කියාපු කෑමක්.
අවශ්ය දේවල්:
අමු කෙසෙල් ගෙඩි 2 (ආනමාලු වගේ ටිකක් ලොකු කෙසෙල් ගෙඩි ගන්න)
වතුර කෝප්ප 1/4
බැදීමට තෙල්
ලුණු තේහැදි 1/2
කහකුඩු තේහැදි 1/2

සාදාගන්නා ආකාරය:
මුලින්ම කෙසෙල් ගෙඩි වල පොත්ත ඇරගෙන හීනී පෙති වගේ වෙන්න කපාගන්න ඕනෙ අපි.
ඊළගට කරන්න තියෙන්නෙ තෙල් ටික රත්වෙන්න තියලා මේ කෙසෙල් පෙති ටික ඒකට දාගෙන බැදගන්න එක. බදිනකොට පරිස්සමින් කර වෙන්න දෙන්නෙ නැතුව බැද ගන්න.
මේ ටික බැදෙන අතරෙ භාජනයක් අරගෙන වතුර කෝප්ප 1/4යි කහ ටිකයි ඒකට දාලා, තව ලුණු පොඩ්ඩකුත් ඒකට දාලා හොදට ඔක්කොම දේවල් ටික කලවම් කරගන්න.
ඊට පස්සෙ මේ කහ මිශ්රණයෙන් තේ හැදි 2ක් බැදෙන කෙසෙල් පෙති උඩින් දාගන්න. මේක පරිස්සමට කරන්න ඕනෙ, මෙහෙම කහ මිශ්රණය දාන කොට තෙල් විසිවෙලා පිච්චෙන්න පුළුවන්. එච්චරයි! ඊට වැඩිය කහ මිශ්රණයෙන් දාගන්න යන්න එපා.
දැන් මේ කෙසෙල් පෙති ටික කලවම් කර කර හොදට බැදගන්න ඕනෙ අපි.
ඊට පස්සෙ කරකර ගාලා හැපෙන Crispy ගතියට බැදුනට පස්සෙ කෙසෙල් පෙති ටික තෙලෙන් ඉවත් කරගෙන ටිෂූ කොළයක්(කඩදාසි කොළයක්) උඩට දාලා තෙල් ටික ඒ කොලේට උරාගන්නකන් ටිකක් තියලා රස බලන්න පුළුවන් ඔයාලට.

Comments
Post a Comment