Posts

Chicken Biryani

Image
Chicken Biryani - චිකන් බුරියානි රයිස් කුකර් එකෙන් ලෙසියේන්ම චිකන් බුරියානි එකක් හදගන්න හැටි අපි බලමු ... වැඩි මහන්සියක් නැතුව එහෙනම් ඉක්මනට හදලා රස බලමුකො ... අවශ්‍ය දෙවල්: * කුකුල් මස් 300gක් * සම්බා හො බස්මති හාල් 500gක් * ලුනු ගෙඩි 1 ක් * දුන් තේල් මෙස හෑදි 2ක් * සුදු ලුනු ගෙඩි 1/2ක් * ඉගුරු ස්වල්පයක් * රම්පෙ කරපින්චා අවශ්‍ය ප්‍රමාණයට * කුරුන්දු,එනසල් සහා කරබු නෑටි * අබ ක්‍රිම් තේ හෑදි 1/2 * කහ කුඩු තේ හෑදි 1 * මස් කරි තුනපහා තේ හෑදි 2 * තුනපහ තේ හෑදි 2 * කොත්තමල්ලි කොල * ගම්මිරිස් ඈට * යොගට් කොප්ප 1/2 ක් * ලුනු * අන්නාසි කැබලි 01 * අවශ්‍ය ප්‍රමාණයටවතුර * බුරියනි එක අලංකාර කිරිම සදහා * ලුනු,කජු,මුදරස් පලම් සහා බිතරයක්- මෙවා හොදින් රන්වන් පාට වනතුරු බෑදගන්න. * රතු , කහ පාට වර්නක අවශ්‍ය නම් බත් එක වර්ණ ගැන්වීමට යොදාගැනීමට සාදා ගන්නා අයුරු: මුලින්ම හාල් ටික හොදින් සොදා ගන්න. ඉන්පසුකුකුල් මස් සාමාන්‍ය ප්‍රමාණයට කපා ගන්න. රයිස් කුකර් එක ගෙන එයට සියලුම කලමනා එක්කරන්න.අවශ්‍ය ප්‍රමාණයට වතුර තබා ගෙන ස්විචය ක්‍රියාත්මක කර සාමාන්‍ය පරිදි බත පිස ගන්න. රතු , කහ පාට වර්නක අවශ...

Banana Chips

Image
Banana Chips -  බැඳපුකෙසෙල්පෙති අපි හැමෝම කන්න ආස දෙයක් තමයි "පොටේටෝ චිප්ස්" කියන්නේ; එහෙම නැත්නම් අල බැදලා කියන්නෙ. ඉතින් දැන් මේ කියලා දෙන්න යන්නෙ කෙසෙල් වලින් "පොටේටෝ චිප්ස්" වගේම "චිප්ස්" හදාගන්නේ කොහොමද කියලා.. ගෙදරට කෙසෙල් ගෙඩි ගෙනාව වෙලාවක, එහෙමත් නැත්නම් කෙසෙල් කැනක් කපපු වෙලාවක කෙසෙල් ගෙඩි ටික ඉදෙනකම් ඉන්න බැරි නම් ඔන්න මේ වගේ කෑමක් හදාගන්න පුළුවන් ඔයාලට. කෑමක් කිව්වට මොකෝ පොඩි බයිට් එකක්නෙහ්? හීහී.. මේකට අපිට ඕන වෙන්නෙ අමු කෙසෙල් ගෙඩි. කෙසෙල් පෙති බැදලා හදාගන්න මේ කෑම එක නිකන් ඉන්න වෙලාවට හප හප ඉන්න නම් කියාපු කෑමක්. අවශ් ‍ ය දේවල්: අමු කෙසෙල් ගෙඩි 2 (ආනමාලු වගේ ටිකක් ලොකු කෙසෙල් ගෙඩි ගන්න) වතුර කෝප්ප 1/4 බැදීමට තෙල් ලුණු තේහැදි 1/2 කහකුඩු තේහැදි 1/2 සාදාගන්නා ආකාරය: මුලින්ම කෙසෙල් ගෙඩි වල පොත්ත ඇරගෙන හීනී පෙති වගේ වෙන්න කපාගන්න ඕනෙ අපි. ඊළගට කරන්න තියෙන්නෙ තෙල් ටික රත්වෙන්න තියලා මේ කෙසෙල් පෙති ටික ඒකට දාගෙන බැදගන්න එක. බදිනකොට පරිස්සමින් කර වෙන්න දෙන්නෙ නැතුව බැද ගන්න. මේ ටික බැදෙන අතරෙ භාජනයක් අරගෙන වතුර කෝප්ප 1/4යි කහ ටිකයි ඒකට දා...

Egg Roti

Image
Egg Roti - ( බිත්තර රොටි) බිත්තර රොටී කියන්නෙ ගොඩක් අය කන්න කැමති දෙයක්නෙ. ඉතින් මේ කියල දෙන්න හදන්නෙ බ්ඩේ අමාරුව හදාගන්නේ නැතුව පොඩ්ඩො ලොක්කො ඔක්කොටම කන්න පුලුවන් විදිහට බිත්තර රොටි ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා.. විශේෂ දෙයක්: බිත්තර රොටි හදන්න පිටි අනලා අඩුම තරමේ පැය 4ක් වත් තියන්න ඕනා. එතකොට තමයි රොටිය හොඳට තුනී වෙලා කැඩෙන්නෙ නැතුව ලස්සනට එන්නේ. ඒ නිසා බිත්තර රොටි රෑට කනවා නම් හවස පිටි අනලා තියන්න ඕනේ. උදේට කනවා නම් කලින් දවසේ රෑට පිටි අනලා තියන්න පුළුවන්. පිටි මිශ්‍ර ණය පැය 12 වෙනකම් තියන්න පුළුවන්. වැඩි වෙලාවක් තියන තරමට රොටියේ නම්‍යශීලී බව සහ සුමුදු බව වැඩියි. පිටි අනන වැඩේට ගතවෙන්නේ විනාඩි 10ක් පමණයි. අවශ්‍ය දේවල්: * පාන් පිටි කප් 1 * තෙල් කප් 1 (පොල් තෙල් හෝ එළවළු තෙල්) * මඳ උණුසුම් වතුර කප් 1/2 * බිත්තර 4 * පොඩියට කොටු කපාගත් ලූනු ගෙඩි 1 * පොඩියට කපාගත් ලොකු අමු මිරිස් කරල් 1 * පොඩියට කපාගත් ලූනු කොළ කප් 1/2 (කැමති නම් පමණක්) * ලුණු සහ ගම්මිරිස් සාදාගන්නා ආකාරය: මුලින්ම පිටි ටික අනමු එහෙනම් (පැය 4කට කලින්), තරමක් ලොකු බෝල් එකකට පිටි, ලුණු තේ හැඳි 1/2ක්, සහ තෙල්...

Watermelon Slush

Image
Watermelon Slush - කොමඩු ස්ලෂ් අවශ්‍ය දේවල්: * කුඩා කැබලි වලට කපා ඇට ඉවත් කර ගත් පැණි කොමඩු කප් 3 * දෙහි ගෙඩියක යුෂ * මී පැණි මේස හැදි 3ක් පමණ (රස අනුව අඩු වැඩි කර ගන්න.) මේවට ස්ලෂ් වගේම ස්ලෂී (Slushie) කියලත් කියනවා. ස්ලෂ් කියන්නෙ ඇමේරිකාවේ ගොඩක් ජනප්‍රිය බීමක්,  පොඩ්ඩො තමයි ගොඩක් කැමති කියන්නෙ. මෙක බීමක් වගෙ පෙනුනට හැබැයි දිය වුණාම තමයි බොන්න වෙන්නේ, නැත්තම් කෑමක්. සාමාන්‍යයෙන් ස්ලෂ් හදන්න අයිස් කැට හිම වගේ කුඩු කරන් ඒකට එක එක වර්ණක යොදාගෙන . මේක ස්වභාවික ස්ලෂ් එකක්. බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා.. සාදා ගන්නා ආකාරය: මුලින්ම කපා ගත්ත පැණි කොමඩු ටික අඩුම ගානේ පැය 3ක් වත් අධි ශීතකරණයට දාලා මිදෙන්න තියා ගන්න ඕනේ. පස්සේ මිදුනු පැණි කොමඩු කෑලි ටික බ්ලෙන්ඩරයට දා ගන්න. ඊට පස්සේ ඒකටම දෙහි යුෂ ටිකයි මී පැණියි දා ගෙන බ්ලෙන්ඩර් කර ගෙන පිළිගන් වන්න. (හිම වගේ අයිස් කෑලි ගතිය එනකන් විතරක් බ්ලෙන්ඩර් කරන්න, ඕනවට වඩා බ්ලෙන්ඩර් කරන්න එපා.) Recipe by - Chenuki Attanayaka

Chili Paste

Image
Chili paste (චිලී පේස්ට් හදන හැටි)  ▫  කූනිස්සන් ග් ‍ රැම් 100   ▫  කෑලි මිරිස්කුඩු ග් ‍ රැම් 50   ▫  හීනියට කපා ගත්තු ලොකු ලූනූ ගෙඩියක් ,   ▫  පොත්ත සමග තලාගත් සුදුලුනු බික් 10-12ක්   ▫  ඉඟුරු කෑල්ලක්    ▫  සීනී   මේස හැදි දෙකක්   ▫  සෝයාසෝස් මේසහැදි දෙකක්    ▫  ටොමැටෝසෝස්  ▫ මේසහැදි දෙකක්    ▫  හීනියට ලියා ගත්තු කරපිංචා ටිකක් , බාජනයකට තෙල් ටිකක් වැඩිපුර දාලා කූනිස්සන් ටික බැදල අයින් කරන්න . දැන් ඒ බාජනයකටම තලාගත් ඉඟුරු සුදුලුනු ටිකදාන්න .ඒ ටික රන්වන් පාට වෙනකොට ලූනූ ටික හා කරපිංචා එකතු කරන්න .ඒටික බැදෙනකොට ගින්දර චුට්ටක් අඩුකරල කෑලිමිරිස් ටික දාලා විනාඩි තුනක් විතර කලවම් කරල සෝයාසෝස් ,සීනී,ටොමැටෝසෝස් ටික දාල කලවම් කරන්න .පසුව ඉස්සො ටිකත් දාල කලවම් කරල අවශ් ‍ ය ප් ‍ රමාණයක් ලුනු එකතු කරන්න  ඕනී නම් මේකට චිකන් පව්ඩර් මේස හැන්දක් එකතු කරන්න පුලුවන් ....මෙහෙම හදන්න රස උපරිමයෙන් තියෙනවා.
Image
➤ 250 Rice අද මගේ බ්ලොග් පලවෙනි post එකෙන් කියන්න හදන්නේ ඔයාලට 250 රතු අයියගේ රයිස් එක ගෙදරදීම හදාගන්න හැටී.  අවශ්‍ය ද්‍රවය -   අයිස් නැති මස් කිලෝ එකක් විතර ලුනු  ගම්මිරිස් කුඩු මිරිස්කුඩු සුදුලුනු  ගාලික් පව්ඩර් කහකුඩු  අයිස් නැති මස් කිලෝ එකක් විතර අරගෙන සාමාන් ‍ යයෙන් පොඩි කැලී වලට කපල හොඳින් හෝදල ඒකට අවශ් ‍ ය රස හා සැර අනුව ලුනු ,ගම්මිරිස් කුඩු,මිරිස්කුඩු ,හොඳින් තලාගත් සුදුලුනු ,දාල හොදින ් කලවම් කරල පැය දෙකක් විතර තියන්න  පසුව ඒක අරගෙන අඩු ගින්දරේ තම්බල ගන්න .වතුර ඕනීනම් චුට්ටක් දාන්න  තැම්බුවා පසුව වතුර බේරෙන්න තියන්න  පසුව අවශ් ‍ ය තරම් පාන් පිටි,ගාලික් පව්ඩර් ,ගම්මිරිස් කුඩු,ලුනුකුඩු,කහකුඩු චුට්ටක් අරගෙන හොදින් කලවම් කරල පිට්ටු හදන්න පිටි හදාගන්න විදිහට චූටි කැටහදා ගන්න . සුදුලුනු පව්ඩර් නැත්නම් සුදුලුනු ටිකක් හොඳින් තලල ගන්න .වතුර චුට්ට චුට්ට දාලා කලවම් කරල එහෙම හදාගන්න පුලුවන්  දැන් බිත්තර දෙකක් හෝ තුනක් අරගෙන ලුනු චුට්ටක් දාලා හොඳින් ගසා ගන්න  පසුව මස් කෑලි අරගෙන බිත්තර සාරුවල හොඳින් දවටා සකස් කරගත් පිටි...